top of page

අර්ථවත් ව්‍යායාමය

  • Writer: Daham Maga
    Daham Maga
  • Jul 7, 2018
  • 1 min read

බුදුරජාණන් වහන්සේ පැවිදි අපට අර්ථවත් ව්‍යායාම ක්‍රමයක් දේශනා කරනවා. උදේම පාත්‍රය අරගෙන ගමට පිණ්ඩපාතය වඩින්න සැතපුමක් දෙකක් තුනක් දුර වෙන්න පුළුවන්. පිණ්ඩපාතය කරගෙන කුටියට ඇවිත් ප‍්‍රත්‍යවේක්‍ෂාවෙන් පිණ්ඩපාතය වළදන්න. එක වේලෙන් යැපෙන්න. විවේකී වෙලාවට සක්මනට ගොඩ වෙලා පියවරට දෙනෙත් යොමාගෙන සක්මන් කරන්න. පින්වතුන්ලා තුන්වේලම අහාර අනුභව කරලා කරන ව්‍යයාමයන්ට වඩා ඉහත ව්‍යායාමය කොච්චරනම් ගුණාත්මකද?


කෑම මේසයේදී පින්වත් ඔබ අහාර වර්ග හතරක් අනුභව කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

1. කබලිංකාර ආහාර 2. ඵස්ස ආහාර 3. මනෝසංචේතනික අහාර 4. විඤ්ඤාණ ආහාර


මේ සෑම ආහාරයක්ම සකස් වෙන්නේ තෘෂ්ණාව හේතුවෙන්. ධර්මයට කැමති ඔබ කරුණාකර කෑම මේසයේදී තෘෂ්ණාව අනුභව නොකොට ආහාර පමණක් අනුභව කරන්න.


කෑම මේසයේදී තෘෂ්ණාවෙන් තොරව ආහාර අනුභව කරන්නේ ආහාරය ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන්ය. මේ ආහාරය මගේ ශරීරයේ මදය පිණිස නොවේ, ජවය පිණිස නොවේ, අලංකාරය පිණිස නොවේ කියලා මෙනෙහි කරමින් ආහාර අනුභව කරන්න.


ආහාර කෙරෙහි තෘෂ්ණාව ඇති වුනොත් ඇටසැකිල්ලක් සිතෙන් මවාගන්න. මේ ආහාරය ඇටසැකිල්ලේ පෝෂණය සදහායි දකින්න. ආහාරය කෙලෙස් ඇතිකරනවා. සම්මා දිට්ඨියෙන් පින්වත් ඔබව ඈත් කරනවා. ආහාර ප්‍රවේශමෙන් පරිහරණය කරන්න.

Recent Posts

See All
කෙටි සටහන් පෙළ

පිංවත් ඔබ සැම වෙනුවෙන් අති පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේ විසින් තැබූ කෙටි සටහන් පෙළක් මෙහි ඇතුලත් වේ. මේ ඝෝර, කටුක, භයානක...

 
 
 
කාලය හරිම සූදුවක්

වර්තමානය හරිම වේගවත්. සෑම නිමේෂයකදීම වර්තමානය අතීතයට එකතුවෙලා. වර්තමානය අතීතයට එකතුවෙන්නේ අනාගතයට සංස්කාරයන් සකස්කොට දීලයි. වර්තමානය ...

 
 
 
දලුක් ගහේ මල් පිපිලා

කුටිය ඉදිරිපිට දලුක් ගහේ මල් පිපිලා. මී මැස්සෝ එක පොදියට මල් පැණි බොනවා. කොහෙන්දෝ පැමිණි කහපාට කුරුළු ජෝඩුවක් කාමස්වාදයෙන් මත්ව මල් පැණි...

 
 
 

Comments


  • YouTube Social  Icon
  • Facebook Social Icon
bottom of page