top of page

කාලය හරිම සූදුවක්

  • Writer: Daham Maga
    Daham Maga
  • Jul 7, 2018
  • 1 min read

වර්තමානය හරිම වේගවත්. සෑම නිමේෂයකදීම වර්තමානය අතීතයට එකතුවෙලා. වර්තමානය අතීතයට එකතුවෙන්නේ අනාගතයට සංස්කාරයන් සකස්කොට දීලයි. වර්තමානය තුලමයි අනාගතයට අවශ්‍ය සාධක සකස්වෙන්නේ. වර්තමානය ගොඩනගා දෙන අනාගතය වර්තමානය බවටම පත්වි නැවතත් අතීතයට ම එකතු වෙනවා.

කාලය හරිම සුදුවක්.


පිංවත් ඔබ වර්තමානය අනිත්‍ය වශයෙන් දකින්න. ඒ කියන්නේ මේ නිමේෂයේ සකස්වෙන සිත අනිත්‍ය වශයෙන් දකින්න. එසේ නොවුනොත් පිංවත් ඔබ යම් දිනයක කාලයට පරදිනවා. කාලයට පරදින මනුෂ්‍යයෝ සකස්වෙන වර්තමාන චිත්තයෙන් නැවතත් අනාගතයට ඇද දමනවා. වර්තමානය නැමැති ඇස්බැන්ඳුම පිංවත් ඔබ අවබෝධ කොටගතහොත් අතීත, වර්තමාන, අනාගත තුන් කාලයම ඔබ පරාජය කලා වෙනවා.

Recent Posts

See All
කෙටි සටහන් පෙළ

පිංවත් ඔබ සැම වෙනුවෙන් අති පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේ විසින් තැබූ කෙටි සටහන් පෙළක් මෙහි ඇතුලත් වේ. මේ ඝෝර, කටුක, භයානක...

 
 
 
දලුක් ගහේ මල් පිපිලා

කුටිය ඉදිරිපිට දලුක් ගහේ මල් පිපිලා. මී මැස්සෝ එක පොදියට මල් පැණි බොනවා. කොහෙන්දෝ පැමිණි කහපාට කුරුළු ජෝඩුවක් කාමස්වාදයෙන් මත්ව මල් පැණි...

 
 
 
ප්‍රභාශ්වර සිත

කෙලෙසුන්ගෙන් මිදුනුවිට සිත හරිම ප්‍රභාශ්වරයි. දිව්‍යතල, බ‍්‍රහ්මතල, සතර අපාය විනිවිද දකින්න ඒ ප්‍රභාශ්වර සිතට පුළුවන්. කෙලෙසුන්ගෙන්...

 
 
 

Comments


  • YouTube Social  Icon
  • Facebook Social Icon
bottom of page