දලුක් ගහේ මල් පිපිලා
- Daham Maga
- Jul 7, 2018
- 1 min read
කුටිය ඉදිරිපිට දලුක් ගහේ මල් පිපිලා. මී මැස්සෝ එක පොදියට මල් පැණි බොනවා. කොහෙන්දෝ පැමිණි කහපාට කුරුළු ජෝඩුවක් කාමස්වාදයෙන් මත්ව මල් පැණි බොන මී මැස්සන්ව ගිලදමනවා. පිංවත් ඔබත් ධර්මයට බාහිරව වැරදි දෘෂ්ඨීන් ගත්තොත් එම දෘෂ්ඨීන් හරිම ආශ්වාදජනකයි. ඔබ එම ආශ්වාදයෙන් මත්වී සිටියදීම මිථ්‍යාදෘෂ්ටිය ඔබවත් ගිලදමන්න පුළුවන්. දලුක් ගහේ මල් පිපුනත් ආශ්වාදයෙන් මත්වෙච්ච මී මැස්සෝ විනාශය කරාමයි ගියේ. පිංවත් ඔබට උතුම් සම්මාසම්බුද්ධ ශාසනයක් මුනගැසුනත් වැරදි දෘෂ්ඨීන් ගත්තෝත් විනාශය දෙසටමයි ගමන් කරන්නේ.

Comments