top of page

කැමති දෙය අතහරින්න

  • Jul 7, 2018
  • 1 min read

පිංවත් ඔබ වඩාත් කැමති කරන දෙය මොහොතක් හෝ අතහරින්න පුරුදුවෙන්න. පිංවත් ඔබ අද රාත්‍රියට රසවත් ආහාර වේලක් අනුභව කිරීමට බලාපොරොත්තුව සිටිනම් ඒ කැමැත්ත ඔබ අතහරින්න. අද රාත්‍රියට සාමාන්‍ය ආහාර වේලකින් සෑහීමකට පත්වෙන්න. ඉතිරිකරගත් මුදල දන් දෙන්න. ඔබ හිතන්න හෙට ඔබ වටිනා ලස්සන ඇඳුමක් ගන්න සාප්පුවට යනවා කියලා. ඔබ ඒ කැමැත්ත අතහරින්න. හෙට ඔබ මිලෙන් අඩු සරල ඇඳුමක් සාප්පුවට ගිහින් මිලදී ගන්න. ඉතිරි කරගත් මුදලින් තවත් කෙනෙකුට ඇඳුමක් අරන් දෙන්න. ඔබ ඔබේ නිවසේම කාලය ගතකරන්න කැමති කෙනෙක් නම් දවසක් දෙකක් නිවසින් බැහැරට ගොස් එම කැමැත්ත අත්හරින්න. පිංවත් ඔබ වඩාත්ම කැමති කරන දේවල් අතහරින්න පුරුදු වීම තෘෂ්ණාව හීනකොට ගැනීමට ගොඩක් උපකාරී වෙනවා.


පිංවත් ඔබ අතහැරීමට පුරුදු වෙනවා වගේම අතහැරීම නිසා සකස් වෙන ආශ්වාදජනක සිතත් අතහැරීමට දක්ෂ වෙන්න. එසේ නොවුනොත් පොඩිදෙයක් අතහැරලා ඔබ ලොකුදෙයක් අල්ලාගත්තා වෙනවා.


එක පිංවත් දරුවෙක් සිටියා. ඇය සතු සෙල්ලම් බඩු වලින් ඇය ගොඩාක්ම ආසාකරන බෝනික්කෙක් සිටියා. දවසක් මේ සිගිති දරුවා තාත්තට කියනවා “තාත්තේ, මේ ලස්සන බෝනික්කා අපි අල්ලපු ගෙදර නංගිට තෑගි කරමු කියල. ඒ වෙලාවේ තාත්තා දරුවාගෙන් අහල තිබෙනවා පුතේ ඔයා කැමතිම බෝනික්කා ඇයි කාටවත් දෙන්නේ” කියලා. ඒ වෙලාවේ දරුවා කියනවලු “තාත්තේ අපි කැමතිම කරන දේවල් අතහරින්න ටිකටික පුරුදු වෙන්න ඕනේ” කියලා. පුංචි දියණියගේ අත්හැරීමේ කතාව වැඩිහිටි ඔබට ලොකු ආදර්ශයක් වෙනවා.


පසළොස්වක පෝයට පංසල් ගිය වෙලාවේ පංසලේ පිං කැටයට රුපියල් සියයක් දැම්මා කියලා ගෙදර ඇවිත් දරුවට දඩුවම් කරපු තාත්තා කෙනෙක් ගැන භික්ෂුව අසා තිබෙනවා. පිංවත් දරුවන් ගේ අතහැරීමේ ගුණය දෙමාපියන්ගේ තෘෂ්ණාවෙන් මොටකරන්න එපා.

Recent Posts

See All
කෙටි සටහන් පෙළ

පිංවත් ඔබ සැම වෙනුවෙන් අති පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේ විසින් තැබූ කෙටි සටහන් පෙළක් මෙහි ඇතුලත් වේ. මේ ඝෝර, කටුක, භයානක...

 
 
 
කාලය හරිම සූදුවක්

වර්තමානය හරිම වේගවත්. සෑම නිමේෂයකදීම වර්තමානය අතීතයට එකතුවෙලා. වර්තමානය අතීතයට එකතුවෙන්නේ අනාගතයට සංස්කාරයන් සකස්කොට දීලයි. වර්තමානය ...

 
 
 
දලුක් ගහේ මල් පිපිලා

කුටිය ඉදිරිපිට දලුක් ගහේ මල් පිපිලා. මී මැස්සෝ එක පොදියට මල් පැණි බොනවා. කොහෙන්දෝ පැමිණි කහපාට කුරුළු ජෝඩුවක් කාමස්වාදයෙන් මත්ව මල් පැණි...

 
 
 

Comments


  • YouTube Social  Icon
  • Facebook Social Icon
bottom of page