කටු අත්තක්
- Daham Maga
- Jul 7, 2018
- 1 min read
පින්වත් ඔබව කටු අත්තක පැටලුනොත් විවේකිව අනතුරකින් තොරව කටු අත්ත ගලවලා දමන්න පුළුවන්. පින්වත් ඔබ තුල සකස්වන ඵස්සය, තෘෂ්ණාව නැමැති කටු අත්තේ පැටලුනොත් භවයට ගලාගෙන යන සංස්කාරයක් ඔබතුල සකස් වෙනවාමයි.
ඇසින් දැක්ක දෙය දැක්කාය කියන තැන නවතින්න, කනින් අසුන දෙය ඇසුනාය කියන තැන නවතින්න. සිතට දැනුන දෙය දනුනාය කියන තැන නවතින්න. එව්ට තෘෂ්ණාව නමැති කටු අත්තට පස්සයේ ඇමිණෙන්න බැරිව යනවා. ඒ නිමේෂයේදී තෘෂ්ණාවට පැවැත්මක් නැතිව යනවා. භවයට ගලායන සංස්කාරයකින් පින්වත් ඔබ වැළකෙනවා.

Comments