දැනුම සහ අවබෝධයේ වෙනස
- Daham Maga
- Jul 7, 2018
- 1 min read
ළිඳක් තිබෙනවා. එහි හොදින් පිරිසිදු ජලයත් තිබෙනවා. හැබැයි දිය ඇදලා පිපාසය සංසිදවා ගන්න කඹයක්, බාල්දියක් එහි නැහැ. මෙය හරියට දැනුම වගේය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.
ළිඳක් තිබෙනවා. එහි හොදින් පිරිසිදු ජලයත් තිබෙනවා. දිය ඇදලා පිපාසය සංසිදවා ගන්න කඹයක්, බාල්දියක් තිබෙනවා. කෙනෙක් දිය ඇදලා පිපාසය සංසිදවා ගන්නවා. මෙය හරියට අවබෝධය වගේය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.
දැන් පිංවත් ඔබ සිහිණුවනින් ඔබ දෙස බලන්න. ඔබ සතුව ළිඳත්, එහි පිරිසිදු ජලයත් තිබුනත් ළිඳ ලඟ කඹයක්, බාල්දියක් නැහැ නේද?

Comments