top of page

නිහඬ නවාතැන්පල

  • Writer: Daham Maga
    Daham Maga
  • Jul 7, 2018
  • 1 min read

දීර්ඝ අවිවේකී ධර්මදේශනා මාලාවක් නිමාකොට විවේකී වස් සමයක නිහඬ නවාතැන්පල. මේ නවාතැන්පල මාගේ සුන්දර කුටිය නොව අතීතයේ දසදහස් වාරයක් මා වලදැමූ සුසාන භූමියයි.


නෙත ගැටන දසුනින් ආශ්වාදයද නොව, ආදීනවයද නොව, නිස්සරනයේම අර්ථය මතුකොට ගන්න දක්ෂ වෙන්න. දුප්පත් කටුමැටි කුටියක පිරී ඉතිරයන ධර්මයේ පොහොසත් බව අඳුරු රැයක වුවද ප්‍රභාශ්වර සිතක උරුමය ඔබට ලබාදෙනු ඇත. මේ සුවිසල් නිවාස අතහැර වගකීම් යුතුකම් වලින් මිදී කවදාකනම්, මෙවැනි කටුමැටි කුටියක ධර්මයක් සමග තනිවෙන්නද. රාත්‍රියට තුති ගී ගයන රැහැයියන්ගේ හඬ පරදා නිහඬ සිතුවිලි අනිත්‍ය සංඤා මතුකොට දෙනු ඇත. ධර්මය විවෘතව ඇත. ධර්මය බබලමින් ඇත. පංච නීවරණ යටපත් වූ සිත, දිව්‍ය විමානයක නැති අසිරියක් කටු මැටි කුටියක ඔබට නොපෙනෙන ලෙස සඟවා ඇත. පුංචි කුටියේ බිත්ති හතර තුල මගේ සිත නැවතිලාය. ලෝකයා සතුටුවෙනු ඇත. විනෝද වෙනු ඇත. කාමච්චන්දයන් විඳිනු ඇත. මගේ සිත පුංචි කුටියේ බිත්ති හතර තුල නැවතිලාය.


මඟ හොදට පැහැදිලිය. එකම මග ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එම මාර්ගයට පිවිසෙන දොරටුව සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨියට ප්‍රවිෂ්ඨ වන දොරටුව කළයාණ මිත්‍ර ආශ්‍රයත්, සද්ධර්ම ශ්‍රවණයත්, ශ්‍රවණය කලාවූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමත්ය. සම්මා සම්බුද්ධ ශාසනයක කල්‍යාන මිත්‍රයා යනු, පින්වත් ඔබව උතුම් සම්මා දිට්ඨියට යොමු කරවන පින්වතාය.

Recent Posts

See All
කෙටි සටහන් පෙළ

පිංවත් ඔබ සැම වෙනුවෙන් අති පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේ විසින් තැබූ කෙටි සටහන් පෙළක් මෙහි ඇතුලත් වේ. මේ ඝෝර, කටුක, භයානක...

 
 
 
කාලය හරිම සූදුවක්

වර්තමානය හරිම වේගවත්. සෑම නිමේෂයකදීම වර්තමානය අතීතයට එකතුවෙලා. වර්තමානය අතීතයට එකතුවෙන්නේ අනාගතයට සංස්කාරයන් සකස්කොට දීලයි. වර්තමානය ...

 
 
 
දලුක් ගහේ මල් පිපිලා

කුටිය ඉදිරිපිට දලුක් ගහේ මල් පිපිලා. මී මැස්සෝ එක පොදියට මල් පැණි බොනවා. කොහෙන්දෝ පැමිණි කහපාට කුරුළු ජෝඩුවක් කාමස්වාදයෙන් මත්ව මල් පැණි...

 
 
 

Comments


  • YouTube Social  Icon
  • Facebook Social Icon
bottom of page